ලදාක් බයික් රයිඩ් මාරයි මැක්සිමම් කියන අය ගොඩක් ඉන්නවා. ඒ අතර මම හිතුවා ලදාක් බයික් රයිඩ් අවදානම් වෙන්න පුලුවන් හේතු ටිකක් කියන්න.
අඩු ඔක්සිජන් මට්ටම -ලදාක් තියෙන්නේ මූදු මට්ටමින් මීටර් 3000කට වඩා උඩ. ඒ නිසාලදාක් වල වාතයේ ඔක්සිජන් අඩුයි. ගිය ගමන් හුස්ම ගැනීමේ අපාසතා ආදිය එනවා. බයික් එන්ජින් වලටත් මේක බලපානවා තමයි. ඊටත් වඩා ලංකාව වගේ රටක හැදුන අපිට මේ වාතයේ අඩු ඔක්සිජන් තත්වය නරකට බලපානවා. අඩු ඔක්සිජන් මට්ටමට අපේ සිරුර හැඩගැහෙනවා සාමාන්‍යයෙන් දවසකින් වගේ. ඒත් එහෙම හැඩගැහෙන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් අඩු ඔක්සිජන් මට්ටමට ඇග හැදෙන්න කල් ගන්න හෝ හැදෙන්නේ නැති කෙනෙක් හිටියොත් එයාලට බයික් රයිඩ් වලදි කේස් වෙනවා. ඒ වගේම ලෝ ඔක්සිජන් ලෙවල් එකේදි ඒක ආගන්තුක අපිට වැඩිය මහන්සි වන්න හොද නෑ. මොකද මහන්සි වුනාම සරීරෙට වැඩියෙන් ඔක්සිජන් ඕන. එතකොට වාතයේ ඔක්සිජන් අඩු නිස කේස් වෙන්න පුලුවන්.
2. සීත - සීත කියන්නේ සමහර තැන්වල ටැග්ලන්ලා වගේ පාස් වල හිම මිදිලා පාර දෙපැත්තේ බයික් වලින් ඒ හිම තියෙන පාරවල හිම කපාගෙන වගේ ඉස්සරහට යනකොට වීඩියෝ ලස්සනයි. හැබැයි ඒ කටුක සීත සුලං ඇගට වදිනකොට හරි අමාරුයි. නිකං කේක් ගෙඩිය වගේ හිම උඩ ඉන්නවාට වඩා බයික් එකක වගේ යනකොට සීත වදිනකොට දැනෙනවා වැඩියි.
3. කදුකර පාරවල්. - ඔවු ලංකාවෙත් කදු තියෙනවා තමයි. හැබැයි ලංකාවේ කදු වලට වඩා මේ ලදාක් කදු වෙනස්. මහා දූවිලි ගොඩවල් පස් ගාඩවල් ගල් ගොඩවල් වගේ ගහකොල සතා සීපාවා නැති බ්ලෑන්ක් කදු තමයි සෙට් වෙන්නේ. සමහර ගල් සහ වැලි එකපාර බුරුස් ගාල හෝදගෙන යනවා. වැස්සක් වැස්සොත් පාරවල් යට වෙනවා වෙනස් වෙනවා.
4. එක්ස්පීරියන්ස් එක - අපි කාටවත් ලංකාවෙදි මේ ලදාක් බයික් පදින කන්ඩිෂන් ආදිය ගන්න බෑ. අපිලට තියෙන ට්‍රොපිකල් මවුන්ටන් ලදාක් මවුන්ටන් වලට වඩා වෙනස්. ඉතින් මෙහෙ හොදට බයික් පැදලා පැදලා ගිය කෙනකේට වුනත් එහෙදි ටිකක් නුහුරු ගතියක් එන්න පුලුවන්.
මෙහෙම නෙමෙ කොහොම කිව්වත් ඉතින් උණ තියෙන අය යනවා. මම මේ සදහන් කලේ මම දැක්ක ගොඩක් තැන්වල ඇත්තටම බයික් රයිඩර්ස්ලගේ මූණු සතුටින් නමෙයි තිබුනේ.. එයාල තද චැලෙන්ජ් එකකින් ආපු විදිහක් තමයි පේන්න තිබුනේ. ඉතින් මගේ අදහස ලස්සන හැමදේම අනුන් කරන හැමදේම අපිලත් කරන්න කලියෙන හිතලා බලන්න. යනෝ නම් ලෑස්ති පිට ස්ටඩි කරලා විවේක ඇතුව ගමන යන්න.







.png)
.png)
.png)
.png)


